රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා විශේෂ බදු වර්ග කිහිපයක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව මුදල් හා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
මේ සඳහා විශේෂ රඳවා ගැනීමේ සහ උපයන විට ගෙවීමේ බදු ද ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා සදහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මීට පෙර නොයෑම නිසා පවතින අර්බුද උග්‍ර වූ බවත් මෙම අර්බුදය තවත් වසර දෙකකින් වත් විසඳිය නොහැකි යැයි තමා විශ්වාස කරන බවයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක වුවද එමඟින් මූලික ණය මුදලක් ලැබීමට නම් අඩු තරමින් මාස හයක් පමණ ගත වනු ඇති බව අමාත්‍යවරයා පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




