කියුබාවේ තරු පහේ හෝටලයක සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කිවුබාව පැරණි හවානා නගරයේ පිහිටි Saratoga හෝටලයේ ගෑස් ටැංකියක් ගිනි ගිනිගෙන පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කරයි.
මේ අතර සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයන් සොයා මේ වන විටත් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ කටයුතු ක්‍රියාත්මක වන අතර මියගිය අය අතර ගැබිණි කාන්තාවක් සහ කුඩා දරුවකු ද සිටින බව කියුබානු ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
( BBC ඇසුරිනි )අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




