ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරුවලට අදාල කුරුණෑගලළ කුරුණෑගල නාරම්මල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල සාම්පල ලබාගෙන පරීක්ෂණාගාර වෙත යවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මේ අතර ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට යම් සැකයක් පවතී නම් 0112 234 234 සහ 0115 455 130 යන ක්ෂණික දුරකථන අංකවලට පැමිණිලි කළ හැකි බව සිපෙට්කෝ අලෙවි කාර්යාංශය නිවේදනය කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





