ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුම අතරතුර දී මියගොස් ඇති බව වාර්තා වනවා.
මන්ත්‍රීවරයාගේ වාහනයෙන් පැමිණි පිරිසක් විසින් ප්‍රදේශයේ රැස්ව සිටි ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
නිට්ටඹුව ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම අතරතුර දී තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රෝහල් ගතකර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියෙන් පසු එම ස්ථානයෙන් පළා ගොස් අසල පිහිටි ගොඩනැගිල්ලක සැඟවී සිට ඇති අතර මරණය සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




