තමන් කෙරෙහි විශ්වාසය තබමින් 69 ලක්ෂයක ජනතාව ලබා දුන් ජනවරමට පිටු පෑමට හෝ එයට පයින් ගැසීමට කිසිදු අරමුණක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද (09) අරලියගහ මන්දිරයට රැස් වූ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයින් අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.
" රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි.මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා.ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන්.පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය.මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා.ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.ඔබ සැමට සුබ අනාගතයක්."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




