ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පමණක්ම ඇති කරන බව පවසමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීමට ආණ්ඩුව කැප වෙමින් සිටින බවයි.
මේ අතර සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයට පැමිණ සාමකාමී ලෙස විසිර ගිය ජනතාව අතරට කිසියම් පිරිසක් එක් වී සංවිධානාත්මක ලෙස ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






