බලය අත් හරින ලෙසට බලකරමින් සති ගණනාවක් තිස්සේ උද්ඝෝෂණ පැවැත්වුවද රාජපක්ෂ පවුල කිසිසේත්ම රටින් පලා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ AFP පුවත් සේවයට පවසා තිබෙනවා.
"අපි යන්න යනවා කියලා කට කතා ගොඩක් තියෙනවා. ඒත් අපි රට දාලා යන්නේ නැහැ."
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොවන බවත් ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම තම පියා මේ වන විට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




