අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් විසින් සාමකාමී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කඩිනම් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
අද (10) දහවල් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පොලිස් අණ නොතකා අරගලකරුවන්ට පහර දී එම ස්ථානයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




