සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ මේ වන විට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඊයේ දිනයේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමත් සමඟයි.
ඒ අනුව මෙම වැඩ වර්ජනයට වෘත්තිය සමිති 2000ක් පමණ එක්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.
මේ අතර ප්‍රචණ්ඩත්වයට අනුබල සැපයීම පිළිබඳව රජයට දැඩි අප්‍රසාදය පළ කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නැවත දැනුම් දෙන තුරු සියලු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




