ශ්‍රී ලංකාව තුළ උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීම සම්බන්ධයෙන් ඇමරිකාවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව හිටපු අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනය සහ භූමි තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන අතරම ප්‍රචණ්ඩ ක්‍රියාවන් සඳහා පොලඹවන ඕනෑම අයෙකුට එරෙහිව පූර්ණ පරීක්ෂණ පවත්වා නඩු පවරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශ කළා.
මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහාත් දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ලඟාකරගැනීම සඳහාත් අවශ්‍ය විසඳුම් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට එක්ව කටයුතු කරන ලෙස ඔහු මෙරට දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




