පසුගියදා සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු 17 ගේ විදෙස් ගමන් තහනම් කරමින් අද (12)කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ ,පවිත්‍රා වන්නිආරච්චි ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන,සී බී රත්නායක, සම්පත් අතුකෝරල ,රේණුක පෙරේරා,සනත් නිශාන්ත ,මහින්ද කහඳගම සහ බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට මෙලෙස විදෙස් ගමන් තහනම පනවා ඇත.
මීට අමතරව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් හත්දෙනෙකුගේ ද විදෙස් ගමන් තහනම් කර ඇති අතර මෙම සියලුම දෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




