අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට නියමිත විභාග ප්‍රවේශ පත්‍ර බෙදා හැරීම අද (13) සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.
අදාළ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් පවතින අතර ඔවුන් ඒවා වෙන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව ලබන සදුදා (16) වන විට එම ප්‍රවේශ පත්‍ර බෙදා අවසන් කිරීමට හැකිවනු ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




