අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟයකින් තොරව පවත්වාගෙන යාම සහ ජනතාවට සහන සැලසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ අනුව,
එ.ජා.ප.සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර - අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමඟ සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීම
එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන - ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම
එ.ජා.ප. උපනායක අකිල විරාජ් කාරියවසම් - පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම
එ.ජා.ප. ජාතික සංවිධායක සාගල රත්නායක - ඛනිජ තෙල් සම්බන්ධයෙන් සොයා බැලීම
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




