දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ දරුවන්ට ආහාර ලබාදීම සහ ගොවීන් වෙනුවෙන් නවසීලන්ත ඩොලර් ලක්ෂ පහක් පිරිනැමීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
මෙමගින් වසර 30ක් පුරාවට පැවති නවසීලන්ත - ශ්‍රී ලංකා හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර එම කාලය තුළ නවසීලන්තය විසින් මෙරටට ඩොලර් මිලියන 25.7 ක ආධාර ලබා දී ඇත.
ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා මෙම මුදල් ශ්‍රී ලංකාවට ලබාදෙන බව නවසීලන්ත විදේශ අමාත්‍ය නනයිනා මහූටා මහත්මිය පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





