ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් රැගත් නෞකාවක් අද (14) දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති සුමිත් සුමිත් විජේසිංහ මහතා පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ මෙම ඉන්ධන තොගය මෙරටට ලැබෙන බවයි.
කෙසේ වෙතත් මේ වන විට ඩීසල් නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වන අතර ඉන්ධන පිරවුම්හල් හරහා දැනට බෙදා හැරෙන්නේ පෙට්‍රල් පමණි.
මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අඩු කර ඇති බැවින් දිවයින පුරා දිගු පෝලිම් දක්නට ලැබෙන බව සමස්ත ලංකා පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති එස්.ප්‍රනාන්දු පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




