රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර අද උදෑසන (16) දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී තිබෙනවා.
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 36 දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර පසුගියදා ඉන්ධන රැගත් දුම්රියක් පීලි පැනීමට ලක්ව ස්ථානයේදීම මෙම දුම්රියද පීලි පැන ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගමන්ගන්නා සියලුම දුම්රිය රඹුක්කන දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




