සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඉතා කෙටි කලක් තුළ රට ස්ථාවර කිරීම සඳහා නිර්පාශ්වික රජයක් ගොඩ නැගීම වෙනුවෙන් අගමැතිවරයා ගන්නා ඕනෑම තීරණයකට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව එමගින් අවධාරණය කරයි.
එමෙන්ම පාර්ලිමේන්තුව තුළ මෙන්ම රටේ ජනතාවගේ විශ්වාසය සහ ආශිර්වාදය ගොඩනැගීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව සලකා බලන ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






