ඊයේ (17) දිනයේ ලෝක බැංකුවෙන් ශ්‍රී-ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක් ලබාදුන් බව අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
එමෙන්ම නුදුරේදීම ආසියානු සංවර්ධන බැංකුවෙන් ද එවැනිම මුදලක් ලැබීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම මුදල් ඉන්ධන ආනයනය සඳහා යෙදවිය නොහැකි බවයි.
"අපිට එක ප්‍රශ්නයයි තියෙන්නේ, පෙට්‍රල් ගැන. ඒවා විසඳන්නයි මෙතනට ආවේ. පෙට්‍රල් ගැන දැන් කතා කරගෙන යනවා. පෙට්‍රල් නැවකුත් අපිට ගන්න පුළුවන් ද කියලා. දැනට ලෝක බැංකුවෙන් ඊයේ ඩොලර් මිලියන 160ක් හම්බවුණා. ඒ 160 තෙල්වලට යොදවන්න බෑ. නමුත් අපිට පුළුවන් නම් අවස්ථාව දෙන්න තෙල්වලට යොදවන්න කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා. ඒත් මිලියන 30ක් ගෙවන්න බැරි වුණ නිසා හිරවෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න විසඳන්න තමා මෙතනට ආවේ. ඒකයි දෙපැත්තේම සහයෝගය ඉල්ලන්නේ. රජයේ සේවකයින්ට ප්‍රශ්නයක් වුණොත් කතා කරලා ඒ ආධාර මුදල දෙන එක ගැන බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ."
එමෙන්ම අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී හර්ෂ ද සිල්වා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින ණය පියවීම සඳහා ඩොලර් මිලියනයක් වත් නොමැති බවයි.
"ඇත්ත වශයෙන්ම එන සතියේ, සම්පූර්ණ වාර්තාවක් මම සකස් කරනවා. ඇත්ත කියන්න සමහර ඒවායේ තොරතුරු නෑ. නැත්නම් තොරතුරු වැරදියි. සමහර විට මේ සභාවට බලන්න සිද්ධවෙනවා කොහොමද මේ තොරතුරු ලැබෙන්නේ කියලා. ඔක්කෝම එකතු කරලත් නෑ. මම දන්නවා නමුත් හරියට ඒ මිල මට කියන්න බෑ. කොහොම වුණත් බිලියන 1ක් වුණත් බිලියන 10 වුණත් ගෙවන්න මිලියනයක්වත් නෑ. ඕකයි අපිට මුහුණදෙන්න තියෙන තත්ත්වය."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




