අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව පොලිස් වසමේ එන් එස් ඒ වටරවුමේ සිට චෛත්‍ය පාර, එන් එස් ඒ වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හංදියේ සිට යෝර්ක් වීදිය මංසන්ධිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධාන මාවත, හා ලේඩියන් බැස්ටියන් මාවත දක්වා මුදලිගේ මාවත, රෝහල්වීදිය යන මාර්ගවලට ඇතුළුවීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ අතර කොළඹ කොටුව පොලිස් වසමේ ඇති කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ නිල නිවසකට ඇතුළු වීම, හානි කිරීම ආදී කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නොකළ යුතු බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




