අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය අතරතුර සවස 6.00න් පසු විදුලිය විසන්ධි නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
ඒ අනුව මැයි 21 සහ 22 යන දෙදින සවස 6.00න් පසු විදුලිය විසන්ධි නොකිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර ඊයේ (19) පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.
මේ අතර විභාග කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් වෙන් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැයි 22 වනදාට පෙර ප්‍රමාණවත් ඉන්ධන බලාගාර වෙත නිකුත් කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති අතර ජල විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජලය නිකුත් කරන ලෙස මහවැලි අධිකාරිය ද විශේෂ ඉල්ලීමක් කර ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





