පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දුන් පිරිස වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ පසුගියදා බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදු කළ ප්‍රකාශයක් මුල් කරගනිමින්.
එහිදී අදහස් දක්වමින් තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිසට ගාලුමුවදොර දෙසට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා විසින් තමාට පැහැදිලිව උපදෙස් දී තිබුණද පොලිස්පතිවරයාගේ සහ මහජන ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග හේතුවෙන් තමාට ක්‍රියාත්මක වීමට හැකියාවක් නොතිබූ බවයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන් ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




