ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරනවා.
ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් තම නිවෙසට ගිනි තැබීම හේතුවෙන් තමා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිටි බවට කිසිදු සාක්ෂියක් ඉතිරි වී නැති බවත් ගුවන් හමුදාවේ පියාසර ලොග් සටහන් ඇතුළු වැදගත් ලියකියවිලි රැසක් විනාශ වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදාවේ ගෲප් කපිතන් දුෂාන් විජේසිංහ කියා සිටියේ අරුන්දික මන්ත්‍රීවරයා මෙතෙක් ගුවන් හමුදාවේ සේවය කළ බවට කිසිදු වාර්තාවක් නොමැති අතර කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධ වූ බවට පවා වාර්තා නොමැති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




