හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි විදෙස් ගමන් තහනම ජූලි මස 25 වනදා දක්වා දීර්ඝ කිරීමට අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබෙනවා.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොනු කර ඇති පෙත්සමට අදාලව එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියා.
මෙහිදී කබ්රාල් මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර තම සේවාදායකයාට සිතාසි ලැබී ඇති බැවින් ඔහු මීළඟ දිනයේ පෙනී සිටින බව නීතිඥවරයා දැනුම් දීමත් සමග පැමිණිල්ල නැවත කැඳවීම ජූලි මස 25 වනදා දක්වා කල් දැමුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.
 




 
							     
							     
							     
							     
 
 
 
