විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය වැඩ භාරගෙන තිබෙනවා.
හිටපු ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු මෙම නව පත්කිරීම සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඇය 2000- 2001 වසරවල මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙසත් 2005 සිට 2007 දක්වා ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් සේවය කර ඇත.
එමෙන්ම දැනට ඇය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ ( IAEA) ලේකම්වරිය ලෙස කටයුතු කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




