ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වල මිල ගණන් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන අයුරින් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් සිදු කළ බව ට්විටර් සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මගී ප්‍රවාහන බලපත්‍ර හිමි බස් රථ සඳහා පෙර පැවති මිලට ඉන්ධන ලබා දෙන ලෙසත් එසේ නොමැතිනම් බස් ගාස්තු 35% කින් ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




