ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී නව ඉන්ධන මිල සූත්‍රයක් සඳහා අනුමැතිය හිමි වූ අතර ඒ යටතේ සති දෙකකට වරක් හෝ මාසයකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතයි.
ඉන්ධන ආනයනය කිරීමේ, ගොඩබෑමේ, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් මෙම මිල සංශෝධනයට ඇතුළත් කර ඇති අතර ලාභාංශ ඇතුළත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




