පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජූනි 01 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත.
ගාලු මුවදොර මහජන අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ස්ථාන මාරු සිදු නොකිරීම සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු දක්වන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




