වත්මන් ඖෂධ හිඟයට හමුවේ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් (රුපියල් මිලියන 718ක්) මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පරිත්‍යාග කර තිබෙනවා.
ඒ අනුව ඩොලර් මිලියනයක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ද තවත් ඇමරිකානු ඩොලර් මිලියනයක් අපේක්ෂා රෝහලට ද පිරිනැමීමට නියමිතයි.
මෙම අභියෝගාත්මක අවස්ථාවෙන් ඊයේ දිනයේ රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




