බහාලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 35% කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
එහි සභාපති සනත් මංජුල පැවැසුවේ auto diesel ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111 කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම ටයර් බැටරි සහ ලිහිසි තෙල් වල මිල ගණන් ද 50% කින් ඉහළ ගොස් තිබීම හේතුවෙන් 35% කට වඩා වැඩි මිල වැඩි කිරීමක් අවශ්‍ය වුවද ආනයන සහ අපනයන සීමා කිරීමට රජය ගත් තීරණයත් සමඟ එය එසේ කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බහලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




