නීති විරෝධී ලෙස ඉන්ධන ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා සිදුකරන ලද වැටලීම් 429 ක් අතරතුර පෙට්‍රල් ලීටර් 27000ක් , ඩීසල් ලීටර 22000 සහ භූමිතෙල් ලීටර් 10000 කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
ඉන්ධනවලට විවිධ ද්‍රව්‍ය කලවම් කර අළෙවි කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඉන්ධන ජාවාරමේ වන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් 0118, 1997 සහ 119 යන ක්ෂණික දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




