රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින අතර එම හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දෙන ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහ මධ්‍ය කාලීන විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවති සාකච්ඡාවේදී ඔහු මෙම අදහස් පළ කර ඇත.
මේ අතර ශල්‍යකර්මවල දී නිර්වින්දනය සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් වන්නේ තවත් දින 90කට පමණක් වෙන අතර දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33ක හිඟ මුදල් ගෙවීමට ඇති බව වාර්තා වනවා.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,හිටපු අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන සහ සාගල රත්නායක ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ රජයේ සෞඛ්‍ය බලධාරීන් ද සහභාගී වී සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




