ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික අර්බුදයට එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළින්ම විසඳුම් සෙවීම ඉතා වැදගත් බව 'ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව' අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් 19 වසංගතය, සංචාරක ව්‍යාපාරය අඩපණ වීම , විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ පහත වැටීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණය බර සමඟ ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම උද්ධමනයට මුහුණ දී සිටින බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ ,ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සියලු සහය ලබා දෙන ලෙස සමුළුවට එක්ව සිටින සියලු මිත්‍ර රජයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.
ජපානයේ 'Nikkei' පුවත්පත විසින් 1995 වසරේ ආරම්භ කරන ලද මෙම සමුළුව 'බෙදී ගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම' යන තේමාව යටතේ මෙවර පැවැත්වෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




