21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
මෙම සාකච්ඡාවට පසුගියදා අමාත්‍ය ධුර භාර ගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ද එක්ව සිටියා.
මේ අතර 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පක්ෂ 10 නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




