සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
දෙවන ඉනිම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 34ක් රැස් කර තිබෙනවා.
තරගයේ පළමු ඉනිම සඳහා බංගලාදේශ පිළ ලකුණු 365 ක් රැස් කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 506 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඊයේ (26) පැවති තරගයේදී නොදැවී ලකුණු 145 ලබාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 124කට දැවී ගියා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




