මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යෑමට රජයේ හාතමාගේ පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය.
රටේ පවතින මූල්‍ය අර්බුදය කෙටි කලකදී පාලනය කිරීමටත් යහපත් අතට හැරවීමටත් බැංකුවේ අධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පසසන ලදි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දමෙහිදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ප්‍රකාශ කරන ලදි.
දේශපාලන මැදිහත්වීමකින් තොරව එම ක්රියාදාමය ඉදිරියටත් කර ගෙන යාමට රජය සහාය වන බව ජනාධිපතිතුමා පැවසීය.
මේ වන විට සිදු කෙරෙමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගැනීමට හැකි වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළේය. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මූල්ය මණ්ඩලය ජාත්යන්තරව සිදු කරන ක්රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්ය අවස්ථාවලදී රාජ්ය නායක මට්ටමේ මැදිහත් වීමට තමා සූදානම් බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබී ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




