ඉකුත් සිකුරාදා පෙරවරුවේ සිට අතුරුදන්ව සිටි අටලුගම ෆාතිමා අයීෂා දැරියගේ මළ සිරුර ඇගේ නිවස ආසන්නයේ වූ වගුරු බිමක තිබී සොයාගෙන තිබෙනවා.
මේ වන විට ඇගේ දේහය පානදුර මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරියගේ පියා ඇතුළු පුද්ගලයින් 22කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට භාරදී ඇත.
මේ අතර ෆාතිමාගේ අකල් මරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්විටර් සටහනක් මගින් සිය සංවේගය පළ කර ඇති අතර මෙම සාහසික අපරාධය සිදුකළ අයට වහාම දඬුවම් ලබාදීමටත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් තමා පොරොන්දු වන බව සඳහන් කර තිබෙනවා.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




