සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු කාර්මික දෝෂයක් හටගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම ගැටළුව නිරාකරණය කර පිරිපහදු මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
පිට පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස තුනක කාලය තුළ පිරිපහදු කටයුතු ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම දෝෂය හටගෙන ඇති බවයි.
පසුගිය මාර්තු 21 වන දා සිට අත්හිටුවා තිබු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් මෙම මස 28 වන වන දා සිට නැවත ආරම්භ කර තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




