පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් නව නවගත්තේගම මුල්ලෙගම ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයා හා සහෝදරිය ඝාතනය කර තිබෙනවා.
අඹුසැමි ආරවුලක් සමථයකට පත්කිරීමට බිරිඳගේ වැඩිමහල් සොයුරා පැමිණි අවස්ථාවේ සැමියා විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී බිරිදටද එම අවස්ථාවේ පහරදී ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ සහෝදරයා වන 32 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිස් මූලස්ථානය පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




