අටළුගම ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ඝාතනයට ලක් වූ 09 හැවිරිදි ෆාතිමා අයීෂාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
29 හැවිරිදි මොහොමඩ් ෆාරුක් නමැති සැකකරු එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙක් බවයි පොලිසිය පවසන්නේ.
දැරිය වෙළඳසැලට ගිය අවස්ථාවේ පැහැර ගත් බවත් ඇයට යම් අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ ද ඒ සම්බන්ධයෙන් තමන් බිය වීම නිසා එලෙස නොකළ බව සැකකරු විසින් පාපොච්චාරණය කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ යම් හෙයකින් දැරිය මෙම සිද්ධිය අනාවරණය කරනු ඇතැයි මතුවූ බිය හේතුවෙන් ඇයව ඝාතනය කළ බවයි.
මේ අතර අදාළ සැකකරු මියගිය දැරියගේ නිවසට නිතර යන එන පුදගලයෙක් බවත් ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුණු අයෙක් බවත් පොලිසිය පවසනවා.
මේ වන විට දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරමින් පවතින අතර එහි ප්‍රතිඵලය තවම නිකුත් කර නැහැ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




