2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (29) සමත් වුණා.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම දෙවන වරට IPL ශූරයන් වීමේ සිහිනය බොඳ කරමින්.
ඒ අනුව නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ රාජස්ථාන් රෝයල් පිල්ම් පිල කඩුලු 7ක් දැවී ලකුණු 130 ක් ලබාගත් අතර පන්දුවාර 18 යි එක් පන්දුවක් අවසානයේ සිය කුළුදුල් ජයග්‍රහණය තහවුරු කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකි වුණා.
15 වන වරට පැවැත්වූ ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන අයි.පී.එල් තරගාවලියට මෙවර කණ්ඩායම් 10ක් එක් වී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




