හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩු විභාගය අගෝස්තු 29 වන දා දක්වා කල් තැබීමට අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළා.
2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මෙම පිරිස විසින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කළ බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජයන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්,වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අය මෙම නඩුවේ විත්තිකරුවන් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




