දින තුනක් පුරා අතුරුදන්ව සිටි සිටි නාවලපිටිය ගෝනවල පතන ප්‍රදේශයයේ පදිංචි නිරංජලා දමයන්ති නමැති කාන්තාවගේ මළ සිරුර අද (30) මහවැලි ගඟේ තිබී සොයා ගෙන තිබෙනවා.
ඇය ඉකුත් 27 වන දා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට යන බව පවසා නිවසින් පිටව ගිය ද නැවත නොපැමිණි නිසා ඥාතීන් විසින් නාවලපිටිය පොලිස් පොලිසියට පැමිණිලි කර ඇත.
නාවලපිටිය කිතුල්කොට ප්‍රදේශයේ නාදුනන කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් ලබා දුන් තොරතුරක් මත මෙම සිරුර ගොඩගෙන ඇති බවයි පොලිසිය පවසනවා.
මේ අතර මියගිය කාන්තාවගේ වැඩිමහල් දියණිය මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




