මේ වන විට වෙළඳපලේ බිත්තරයක් රුපියල් 38-40 දක්වා මිලකට සහ කුකුළු මස් කිලෝවක් රුපියල් 1100-1200 ත් අතර මිලකට අලෙවි වනවා.
මීට මූලිකම හේතුව වී ඇත්තේ කුකුළු කෑම වල මිල ගණන් ඉහළ යාම බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුපියල් 65 ට තිබූ කුකුළු කෑම කිලෝවක මිල මේ වන වන විට රුපියල් 225 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 33 ක් සහ ප්‍රවාහන වියදම රුපියල් 03ක් පමණ වන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




