ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට කේක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
රෝදපුටුවක සිටි වයෝවෘධ කාන්තාවක් ලෙස වෙස්වලාගෙන පැමිණි පිරිමි පුද්ගලයෙකු විසින් මෙලෙස පහර දී ඇති අතර ඔහු 36 හැවිරිදි පරිසර ක්‍රියාකාරියකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ පොලිසිය විසින් ඉතාමත් අඩු කාලයක් තුළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මනෝචිකිත්සක ඒකකයට භාර දී තිබෙනවා.
කෙසේ වෙතත් සිතුවම් එහි ඇති ආරක්ෂිත වීදුරුව හේතුවෙන් සිතුවමට කිසිදු හානියක් සිදු වී නැහැ.
සැකකරු විසින් මෙහිදී "පෘතුවිය විනාශ කරන අය ඉන්නවා. ඒ ගැන හිතන්න.පෘථිවිය ගැන සිතන්න.ඒ නිසයි මම මෙය කළේ" යනුවෙන් ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




