මැලේසියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් මහකොමසාරිස් ටැං යැං තායි මහතා සමඟ ඊයේ (30) පැවති හමුවේ දී එකඟ වූ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.
2016 වසරේ විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සිටි කාලයේ පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර එය නැවත සලකා බලන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර මැලේසියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අවම වැටුපක් හඳුන්වාදීමට පියවර ගන්නා බව මහකොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




