මෙරට පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමඟ සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර පොහොර හිඟය හෝ වෙනයම් හේතු පාදක කරගනිමින් යල කන්නයේ වගාව අත් නොහරින ලෙස ජනාධිපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
යල කන්නයේ වගා කටයුතු සහ ආහාර හිඟය අවම කර කර ගැනීම පිළිබඳ ඊයේ (30) කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
එමෙන්ම ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍යය රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ වලින් ඉහල ප්‍රතිශතයක් රජය සතු ඉඩම් වන අතර එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට මෙහිදී තීරණය කර ඇත.
මීට අමතරව,
වගා කළ යුතු බෝග හඳුනා ගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීම
පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදාගෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් පොහොර නිෂ්පාදනය
කිරි බිත්තර හා කුකුල් මස් වල මිල පාලනය සඳහා සත්ව ආහාර සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
පසු අස්වනු හානිය අවම කිරීම, ආහාර පිරිමැස්ම, ගබඩා කිරීම හා කල්තබා ගැනීම,කෘෂි නිෂ්පාදන අගය වැඩි කිරීම, විකල්ප ආහාර වර්ග හඳුන්වා දීම
වගාවන්හි රෝග හා පළිබෝධ හානි වැළැක්වීමට නව ක්‍රමවේද හඳුන්වා දීම සහ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට මෙම සාකච්ඡාවේදී පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් එම් .බී .ආර්.පුෂ්පකුමාර මහතා සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




