පසුගිය දශක තුනක කාලයක් පුරා ඉන්දීය සංගීත ලෝලීන් අතර ජනාදරයට පත් සුපිරි බොලිවුඩ් ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්තාන් හෙවත් KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි පැවති සජීවී ප්‍රසංගයකට සහභාගී වීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
53 හැවිරිදි KK එම ප්‍රසංගයේ පැයක පමණ කාලයක් ගී ගයමින් සිට ඇති අතර ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය වෙත පැමිණීමෙන් පසු රෝගාතුර වී ඇති ක් අතර එහිදී ඔහු ඇද වැටී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහුව දකුණු කොල්කටාහි පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ඒ වන වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු පවසා ඇත.
හින්දි සිනමාවට නැතිවම බැරි පසුබිම් ගායකයකු වන KK හින්දි,දෙමළ, තෙළිඟු , කන්නඩ,මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත රැසක් ගායනා කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




