ඉකුත් 09 වනදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සමග මොරටුව නගරාධිපතිවරයාගේ පුත්‍රයා,කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් සහ මොරටුව නගර සභාවේ කම්කරුවන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




