ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 09ට නායකත්වය ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නම යෝජනා වී තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ "ඊළග මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට වුණත් එතුමා හොඳයි" ලෙසයි.
මෙහිදී 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කළ යෝජනාවලිය අද (01) අග්‍රමාත්‍යවරයාට භාරදීමට බාරදීමට නියමිත බව විමල් වීරවංශ මහතා පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




