අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට අතවර කළ විභාග නිරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය 25 වනදා අනුරාධපුර හිදෝගම හිදෝගම පස්වැනි විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටි සිසුවියකට මීට මුහුණ දීමට සිදුවී ඇති අතර එම සිසුවිය සහ මව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විභාග කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා.
තවද එම සිද්ධිය වසන් කිරීම හේතුවෙන් අදාළ විභාග මධ්‍යස්ථානය භාරව සිටි ශාලාධිපතිවරයාට එරෙහිව ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




